එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයෙදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය, ඉන්දීයාව සහ චීනය අදහස් දක්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයෙදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය, ඉන්දීයාව සහ චීනය අදහස් දක්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයෙදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය, ඉන්දීයාව සහ චීනය අදහස් දක්වයි

ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය මුහුණදී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබානොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළකරන බව ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා පවසා තිබේ.

(12) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් වූ අතර, එහිදී අදහස් දක්වමින් ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා මේ බව සඳහන් කර ඇත.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් කළ යුතුයි. ඉන්දියාවේ මතය අනුව ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි. එය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සිදුකළ යුත්තේ, යුක්තිය, සාමය, සාමානාත්මතාව හා ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාව තුළ අභිමානයක් ඇති වන පරිද්දෙනි.”

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට අනුකූල වන ආකාරයේ නව නීතියක් සකස් කරන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන ලෙස යුරෝපා සංගම් නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලයේදී අදහස් දක්වමින් ජිනීවාහි චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ප්‍රකාශ කර ඇත්තේ, සංහිඳියාව ආරක්ෂා කර ගැනීමට සහ මානව හිමිකම් වැඩි දියුණු කිරීම සදහා ශ්‍රී ලංකාව දරණ අඛණ්ඩ උත්සහය අගය කරන බවය.

ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පාර්ශ්ව සිය අභිලාශයන් ඉටුකර ගැනීමට දරන උත්සාහයට චීනය විරෝධය පළකරන අතර මානව හිමිකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගෙනයන ස්වාධීන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බවද චීන නියෝජිතයා මානව හිමිකම් කවුන්සිලයේදී දැනුම් දී තිබේ.

(12) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසිවාරය ලබන මස 07 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *