මැයි 09 ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලා සහ එම මැර කණ්ඩායම්වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කෝ?

දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය නිහඬයි - සජිත්

දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය නිහඬයි - සජිත්

පසුගිය මැයි 9 වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ දමිතා අබේරත්න වැනි කලා ශිල්පිනීයන්, තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීම බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එවැනි ප්‍රචණ්ඩත්වයකට කිසිසේත් ඉඩදිය නොහැකි යැයිද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

තම තමන් විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී මතයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ආණ්ඩුවකට හෝ කිසිවකුට උල්ලංඝනය කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ඒ වෙනුවෙන් විපක්ෂය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *