යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලබා දී නෑ – කෘෂිකර්ම අමාත්‍ය

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලබා දී නෑ - කෘෂිකර්ම අමාත්‍ය

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලබා දී නෑ - කෘෂිකර්ම අමාත්‍ය

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී (07) අනාවරණය කළේය.

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 200ක මුදලක් රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙම මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කරන බව සඳහන් කළේය.

මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද කර ඇති බව පැවසු අමරවීර මහතා බිම් සැකසීම ආදිය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආදිය ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

සහල් රටින් ආනයනය කරනවානම් ඒ අයට බදු මුදලක් පනවන්නැයි දැනුම් දී ඇති බවද අමරවීර මහතා පැවසුවේය.

අමාරුකම් මධ්‍යයේ වුවත් ගොවීන් හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස්දහසක් මෙවර වගා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා බැංකු දෙකෙන් මුදල් නිදහස් කිරීම තවමත් සිදුවන්නේ මන්දගාමී ලෙස බවද අනාවරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *