උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත්වල මාස හයක කාලසීමාව ඉවතට

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත්වල මාස හයක කාලසීමාව ඉවතට

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත්වල මාස හයක කාලසීමාව ඉවතට

උප්පැන්න විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයක කාලසීමාවකින් පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ඕනෑම කාලසීමාවක් සදහා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

උපත්, විවාහ හා මරණ ලේඛනයන්හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබදව ඇතැම් ආයතන කාලසීමාවන් දැක්වීමට පියවර ගෙන තිබුණා.
එනම් සහතිකය නිකුත් කළ දින සිට මාස හයක කාලසීමාවක් සදහා පමණක් වලංගු වන බවටයි. මේ හේතුවෙන් සහතික පිටපත් ලබා ගැනීමට ජනතාව විශාල වශයෙන් පෙළඹී ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම ජනරාල් නිකුත් කරන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වෙත මේ වනවිටත් දැනුම් දී තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් ඇත්නම් නැවත නව පිටපත් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන බවයි අවධාරණය කරන්නේ.

එහෙත් මෙම ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධිත නව පිටපතක් ඉදිරිපත් කළ යුතු වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *