ඇමෙරිකානු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව කොළඹ බලා ගමන ආරම්භ කරයි

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව කොළඹ බලා පිටත් ‌විය

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව කොළඹ බලා පිටත් ‌විය

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව(03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂපක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්ෂ ක නෞකා ඩග්ලස් මුන්රෝ’ නමැති මෙම නෞකාව පසු ගිය 2021 ඔක්තෝබර් මාස 26 දින නාවික හමුදාව වෙත බාර දී තිබු අතර එය ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්යසතාවලට ගැලපෙන පරිදි නවීකරණ කිරීමෙන් පසු මෙලෙෂ කොළඹ වරයා බලා ගමන් ආරම්භ කර ඇත.

මෙම නෞකාව නිල වශයෙන් භාර දීමෙන් පසු පී 627 දරණ පෙනන්ට් අංකය යටතේ ශ්‍රි ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව ඇති අතර, එය මෙරටට පැමිණීමෙන් පසු අධිකාරියට පත්කිරීමට නියමිතව ඇත.

Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් බව නාවික හමුදාව පවසයි.

මෙම නෞකාවට එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂකණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් ඇති බවත්, 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්ෂිණික උපාංග හා පහසුකම් වලින් සමන්විත බව නාවික හමුදාව කියයි.

මෙම පී 627 නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.

සාගර කාලාපයේ පොදු සමුද්රීකය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රි ලංකා නාවික නෞකා සමුදුර’ “පි 621” සහිගජබාහු’ “පි 626” යන ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අැති බවත්, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්ෂතක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව මෙය බවද නාවික හමුදාව පවසයි.

ශ්‍රි ලංකාව බලා එම ගමන් මගේ දී සැපයුම් හා සේවා අවශ්යාතා සපයා ගැනීම සඳහා ඇමරිකාවේ හවායි හී හොනොලුලූ වරාය, ඇමරිකාවේ ගුවාම් හී අප්රාග වරාය, පිලිපීනයේ මැනිලා වරාය හා සිංගප්පූරුවේ චැංගි යන වරායන් වෙත සේන්දුවීමට නියමිතව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *