පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවි කිරීමට සිදුවනවා – බේකරි හිමියන්
![පාරිභෝගික කටයුතු අධිකාරියෙන් බේකරි 232කට නඩු](https://srihanda.lk/wp-content/uploads/2022/09/පාන්-ගෙඩියක්.jpg)
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් බේකරි 232කට නඩු
තිරිගු පිටි හිග වීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. මේ අනුව පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ ඔවුන්ට අලෙවි කිරීමට සිදුවන බවයි බේකරි හිමියන් ප්රකාශ කරන්නේ.
මේ දිනවල වෙළෙදපොලේ උග්ර තිරිගුපිටි හිගයක් පවතිනවා. ඒ හේතුවෙන් බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවුණා. ඒ අනුව බේකරි අලෙවිකරන වෙළෙදසැල් හිමියන්ද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඇතැම් බේකරි මගින් වැඩි මිලට තිරිගු පිටි මිලදීගෙන නිෂ්පාදනය සිදුකරන ආකාරයද දැකගත හැකියි.
මේ අයුරින් තිරිගු පිටි හිගය පැවතිය හොත් ග්රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ක පමණ මිලකට අලෙවි කිරීමට සිදුවනු ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ. මෙම ගැටලුව විසදීමට රජය වහාම මැදිහත්වන ලෙසට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.