වසර 24කට පසු ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල් ඒකකය අවම අගයට

වසර 24කට පසු ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල් ඒකකය අවම අගයට

වසර 24කට පසු ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල් ඒකකය අවම අගයට

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ජපානයේ යෙන් මුදල් ඒකකය වසර 24කට පසු අවම අගයට පැමිණ තිබෙනවා.

ඊයේ දිනයේ දී ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල් ඒකකයේ වටිනාකම සටහන් වූයේ 140ක් ලෙසයි. මීට පෙර මෙතරම් අවම අගයකට ජපාන මුදල් ඒකකය පැමිණ ඇත්තේ 1998 වසරේ අගෝස්තු මාසයේදීයි. ලොව විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ජපානයේ ශ්‍රම වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීම මේ හරහා පෙන්නුම් කරන බවද ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ආසියානු රටවල මහ බැංකු පොලී අනුපාතිකයන් ඉහළ දැමීමට කටයුතු කළද ජපානය එම ක්‍රමවේදය අනුගමනය නොකිරීම මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සදහා පොලී අනුපාත ඉහළ නොදැමීම හේතුවන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *