ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමට දේශපාලන අස්ථාවරත්වය අවදානමක් – ෆිච් රේටින්ග්ස් ආයතනය

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් - ෆිච් රේටින්ග්ස්

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් - ෆිච් රේටින්ග්ස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්, ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය.

මහජන විරෝධය වැළැක් වීමට රජය සමාජය වෙනුවෙන් සිදුකරන වියදම් වැඩි කර තිබුණත් ආණ්ඩුවට මහජනතාව ලබා දෙන සහයෝගය දුර්වල බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.

අදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන මගින් අයවැය පරතරය අවම කරගනිමින්, නම්‍යශීලී විනිමය අනුපාත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතුළුව සාර්ව ආර්ථික ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසීම්වල තියුණු වෙනසක් සංඥා කරන බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඉටු කරන තුරු කාර්ය මණ්ඩල ගිවිසුමට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි නොවන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය. ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහයක් ගෙන තිබීම එක් නිර්දේශයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට තක්සේරු කර ඇති නිසා ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ණය සහන මත පදනම් විය යුතු බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.

2024 වසර වනවිට ශ්‍රී ලංකාවේ මූලික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2.3 කින් ඉහල යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *