ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක කිහිපයක්

රජයේ නිලධාරීන් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් දැනුම් දෙන්න අංකයක්

රජයේ නිලධාරීන් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් දැනුම් දෙන්න අංකයක්

සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට (02) දැනුම් දුන්නේය.

මහජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම ප්‍රමුඛ වගකීම හෙයින් කිසිදු පුද්ගලයකු අපහසුතාවයට පත් නොකොට කාර්යක්ෂම සේවාවක් සපයමින් ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළක් සියලු අමාත්‍යාංශ වල හා රාජ්‍ය ආයතන වල ඇති කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුරකථන අංක කිහිපයක් සහ විද්‍යුත් ලිපිනයක් හඳුන්වාදීමද සිදු කෙරිණි.

සිසිර හේනාධීර(ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,නීති)
ජංගම දුරකථන:- 0718132590
කාර්යාල දුරකථන:-0112354329 / 0112354354
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන (ජනාධිපති අතිරේක ලේකම්)
ජංගම දුරකථන:- 0719994133 / 0711992354
කාර්යාල දුරකථන:- 0112354329 / 0112354354
විද්‍යුත් ලිපිනය:- [email protected] වශයෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *