ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා – ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා - ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා - ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කර ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සාධාරණීකරණය කිරීමට එය යොදාගෙන ඇතැයි එම එම කොමිසම දන්වා සිටියි.

ත්‍රස්තවාදී පනතේ නිර්චනයේ සදහන් වන කරුණු වලට අදාල නොවන සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර තිබීම කණසල්ලට කරුණක් එම නිවේදනයේ සදහන්වේ.

ත්‍රස්තවාදය පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හේතු වූ කරුණු සහ තත්ත්වයන් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය චෝදනා කරන ආකාරයට ඉකුත් ජනවාරි මස සිට රට පුරා සිදුවුණා යැයි පවසන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ වාර්තා තිබේ දැයි තහවුරු කර ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය බවත්, අඩංගුවට ගත් සැකකරුවන් සිදුකල ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන්ද දැන ගැනීමට අවශ්‍යතා බවත් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අත්අඩංගුවට ගත් අයගේ අනන්‍යතාව රඳවා සිටින ස්ථාන පිළිබඳ දැන ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අවශ්යටි බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තම කොමිසමට දැනුවත් කරන ලෙසට එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *