කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ”රන් මාවත” (Gold Route)

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ”රන් මාවත” (Gold Route)

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ”රන් මාවත” (Gold Route)

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ”රන් මාවත” (Gold Route) නමින් නව සේවා පර්යන්තයක්, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් (18) දින පස්වරු 01.30ට විවෘත කෙරුණා.

ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සදහා පෝලිම් වල නොසිට, මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතාද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර ගත හැකියි.

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපළ තුළ ඇති අතර, මෙම සේවාවන් නොමිලේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන් වෙත හිමි වී තිබෙනවා.

මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා මෙම පහසුකම් ලබා ගත හැකි ”සේද මාවත“(Silk Route) නමින් තවත් පර්යන්තයක් පවතින අතර, ඒ සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 50ක මුදලක් ගුවන් තොටුපළ විසින් අය කර ගනු ලබනවා.

මෙම නව පර්යන්තය සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 200ක මුදලක් අය කර ගනු ලබන අතර, www.airport.lk වෙබ් අඩවියට පිවිස එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකියි.

මෙම නව පර්යන්තය විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීම මෙන්ම කටුනායක ගුවන් තොටුපළ තුළ ගුණාත්මකභාවයද ඉහළ නංවා ගැනීම අපේක්ෂා කර තිබනෙවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල මහතා එළඹෙන 20වන දින සිට කටුනායක ගුවන් තොටුපළේ සිට ගුවන් යානා ටර්බයින් ඉන්ධන හිගයකින් තොරව නිකුත් කිරීමට පියවර ගන්නා බවත්, මත්තල ගුවන් තොටුපළ ප්‍රතිව්‍යුහගත කරමින් එහි කොටස් විදේශීය ආයෝජකයන් හට විකිණීමට අදහස් කර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *