ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මසක පොදු සමා කාලයක්

මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක්

මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක්

මහ ජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මසක පොදු සමා කාලයක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අගෝස්තු 15 වනදා සිට බලපැවැත්වෙන එම සමාකාලය ලබා දී තිබේ.

ඒ අනුව, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට එම සමා කාලය ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112477 255 හෝ 0112 398 511 යන දුරකතන අංක අමතා විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් විමසිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *