ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 9ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 9ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 9ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 9ක් ගොනු කර තිබේ.

විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු විසින් එම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතීන් කඩවීමක් 22වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස අදාළ පෙත්සම්වලින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *