කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
රුපියල් විසිහතර කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොලොම්බියාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 662 දරණ ගුවන් යානයෙන් මෙම පෝලන්ත ජාතිකයා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා. ඒ පසුගිය 14 වනදා අලුයම් කාලයේයි.
ඔහු රැගෙන ආ ගමන්මල්ල සොයා ගැනීමට නොහැකිවීමෙන් යළි කටුනායක ගුවන්තොටුපල වෙත මෙම පෝලන්ත ජාතිකයා පැමිණි බවයි රේගු නිලධාරීන් පවසන්නේ. අදාළ ගමන්මල්ල පිළිබද සැක පල කළ කටුනායක ගුවන්තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් එය පරික්ෂාවට ලක් කළා.
මෙහිදී භාවිතයට ගත් ෆැක්ස් යන්ත්‍රයක් හා කඩදාසි රෝල් කිහිපයක් තුළ සගවා තිබූ කිලෝග්‍රෑම් 5ක් වන කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා.
මත්ද්‍රව්‍ය තොගය සහ පෝලන්ත ජාතිකයා වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමටයි රේගු නිලධාරීන් කටයුතු කළේ.