පාස්කු ප්‍රහාරයේ අරගලය තවමත් අවසන් නැහැ – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක්

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් යැයිද සඳහන් කරති.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස පාප්වහන්සේද කිහිප වරක් ඉල්ලා ඇතත් ශ්‍රීලංකාවේ යුක්තිය ඉටුවීම ඉතාමත් දුර්ලභ බවත් එයට හේතුව දේශපාලන නායකයන් නීතියට ඇඟිලි ගැසීම බවත් කාදිනල්තුමෝ අවධාරණය කරති.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ප්‍රධානය කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදල ලබාදීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී (14)වැනි දා පැවති උත්සවයට එක්වෙමිනි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන තුරු තමන් ගෙන යන අරගලය අත්නොහරින්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තවදුරටත් පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *