ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අර්ජුනගෙන් රු. කෝටි 200ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අර්ජුනගෙන් රු. කෝටි 200ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අර්ජුනගෙන් රු. කෝටි 200ක වන්දියක් ඉල්ලයි

ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව (15) පස්වරුවේ තීරණය කළේය.

අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස ප්‍රකාශයන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවත් ඒ අනුව රණතුංග මහතාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එහි සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලා සිටීමට තීරණය කළ බව කී එම නිලධාරියා ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් රණතුංග මහතා මෙම ප්‍රකාශය කළ ඇති බවද සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *