රාජ්‍ය වියදම් පාලන චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි; පරිබාහිර වියදම් කළහොත් ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකිවයුතුයි

කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැ; වැඩ කරන්න බැරි නම් වහාම ඉවත්ව යන්න - ජනපති

කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැ; වැඩ කරන්න බැරි නම් වහාම ඉවත්ව යන්න - ජනපති

රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිර වියදම් කළහොත් අදාල වියදම ගැන ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකිවයුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 3/2020 දරණ ජාතික අයවැය චක්‍රලේඛය විධිවිධාන අනුව සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

මේ කරුණ සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට (15) ලිපියක් යොමු කර තිබෙි.

ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එයට පරිබාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා යැවූ ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *