නාමල් රාජපක්ෂගෙන් නෙත්මි අහිංසා දැරියට සිදුවූ ඛේදවාචකය

වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා මැද්දේ වුවද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ පදිංච් නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යංශය මගින් කොලඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිදානය කර තිබිණි.

උත්සවය සදහා නෙත්මිට පැමිණෙන්නට ප්‍රවාහන පහසුකම් නොතිබුණු හෙයින් එම ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වාහනයක් සපයා දීමට පොරොන්දු වී තිබුණි.

නෙත්මි ඇයගේ පුහුණුකරු සමහ කොලඹ එමින් සිටියාය, මෙහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මගහරවා නෙත්මිව නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සදහා සිදුවෙමින් තිබු කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනූව ඔහු ක්‍රීඩා ඇමතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇතිබව පවසමින් නෙත්මිව නාමල් රාජපක්ෂ සිටී නිවෙසට ගෙනගොස් ඇත.

ක්‍රීඩා ඇමති වෙනුවට නාමල් සිටී දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්වී ඇත එහෙත් ඔවුන්ට කිසිදෙයක් කර කියාගත නොහැකි වී ඇත. එහිදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෝ දුරකථනය ක්‍රියා විරහිත කරන්නට උපදෙස් දී ඇති බැවින් ඔවුන් වඩාත් අසරණ වී ඇත.

දුරකථන ක්‍රියා නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිදායකයෝ කලබල වී ඇති බවත්, පසුව පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදුවූ අකරතැබ්බය ක්‍රීඩා බලදාරීන්ට පැවසූ විට ඔවුන් සිල්ලන්ම කනගාටුවටත් කලකිරීමටත් පත්වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *