කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් 27ක කොටස් අලෙවිය මිලියනය ඉක්මවයි

කොළඹ කොකොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලය දීර්ඝ කරයිටස් වෙළෙඳපොළේ සමාගම් 27ක කොටස් අලෙවිය මිලියනය ඉක්මවයි

කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලය දීර්ඝ කරයි

දෙවසරකට අධික කාලයක් ගනුදෙනුකරුවන් මන්දගාමී ගනුදෙනු කළ කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය සතියේ ශීඝ්‍ර ලෙස ඉහළ ගියේ පසුගිය බදාදා(10) දින පමණක් සමාගම් 3ක කොටස් කෝටිය ඉක්මවා අලෙවි කරමිනි.

එමෙන්ම කොටස් මිලියනය ඉක්මවා සමාගම් 27ක කොටස් අලෙවි වූ අතර එය අවුරුදු 3ක් ඇතුළත කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් මිලියන ගණනින් අලෙවි වූ ඉහළම අවස්ථාව විය.

විශේෂයෙන්ම ලංකා අයි.ඕ.සී සමාගමේ කොටස් ලක්ෂ 140ක් අලෙවි වු අතර ඊට අමතරව එස්.එම්.බී. ලීසිං සමාගමේ කොටස් ලක්ෂ 103ක් එදින අලෙවි විය. එමෙන්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ කොටස් ලක්ෂ 169ක් එදින පමණක් අලෙවි වී තිබුණි.

ඊට අමතරව බොහෝ සමාගම්හි කොටස් මිල සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් තිබූ අතර කොටස් මිලියනයට ආසන්නව අලෙවි වූ සමාගම් 50කට ආසන්න සංඛ්‍යාවක් දක්නට තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *