ඇමෙරිකාව සමග ද්විපාර්ශ්වික සබදතා සම්පූර්ණයෙන් අත්හරින බවට රුසියාවෙන් තර්ජන

ඇමෙරිකාව සමග ද්විපාර්ශ්වික සබදතා සම්පූර්ණයෙන් අත්හරින බවට රුසියාවෙන් තර්ජන

ඇමෙරිකාව සමග ද්විපාර්ශ්වික සබදතා සම්පූර්ණයෙන් අත්හරින බවට රුසියාවෙන් තර්ජන

රුසියාවේ වත්කම් තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළහොත් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබදතා සම්පූර්ණයෙන් අත්හරින බවට රුසියාව තර්ජනය කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේන යුද්ධයේ සෘජු කොටස්කරුවෙකු බවට ක්‍රම ක්‍රමයෙන් පත්වෙමින් සිටින බවයි රුසියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උතුරු ඇමෙරිකා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් දර්චීෆ් සදහන් කළේ. රුසියා වත්කම් තහනම් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ඔහු ඉදිරිපත් කර නැති බවද විදෙස් මාධ්‍ය සදහන් කළා.

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේන ගැටලුවේදී අනවශ්‍ය මැදිහත්වීම් නොකළ යුතු බවයි ඇලෙක්සැන්ඩර් දර්චීෆ් පවසා ඇත්තේ. රුසියාව සදහන් කරන්නේ යුක්රේන යුද්ධය ආක්‍රමණයක් නොව විශේෂ හමුදා මෙහෙයුමක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *