අක්කරයකින් වී බුසල් 180 ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක්

අක්කරයකින් වී බුසල් 180 ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක්

අක්කරයකින් වී බුසල් 180 ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක්

අක්කරයකින් වී බුසල් 180ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක් අම්බලන්තොට රජයේ වී පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දී තිබේ. වසර 13ක දීර්ඝ කාලයක සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වී ප්‍රභේදය හඳුනාගෙන ඇත.

ඒ.ටී.378 නමින් නම් කරමින් නව සුදු කැකුළු නාඩු වී ප්‍රභේදයක් මෙසේ හඳුන්වාදී ඇති අතර එහි අස්වැන්න මාස තුන හමාරක කාලයකින් ලබා ගත හැකිය.

මේ වන විටත් එම වී ප්‍රභේදය ගොවීන්ට බෙදාහැරීමට පියවර ගෙන ඇති අතර එහි නියමු ව්‍යාපෘති ලෙස හම්බන්තොට, පොලොන්නරුව, අනුරාධපුරය, මාතර, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්, මෙම වී ප්‍රභේදය වගා කර තිබේ. මේ ප්‍රභේදයේ ගොයම් ගස ශක්තිමත් බැවින්, ගස වැටීමකට ලක් නොවන අතර, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි බව තහවුරු කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *