පෞද්ගලික ණයගොනු 48 කින් රු ලක්ෂ 683ක මුදලක් වංචා කළ සැකකාරිය වසර 5කට පසු අත්අඩංගුවට

රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවකින් රුපියල් 68,340,000ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් සැකකාරියක (05) දින කොළඹ, කොටුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 2017 වසරේ නොවැම්බර් මස 17 වනදා රාජ්‍ය බැංකුවක අභ්‍යන්තර විගණන නිලධාරී විසින් කඩවත පිහිටි රාජ්‍ය බැංකුවක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරනු ලැබ අන් අයවලුන් ලෙස පෙනී සිට පුද්ගලික ණය ගොනු 48ක් මගින් මුදල් රු.68,340,000ක් වංචා කීරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කළ පැමිණිලික්කට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණු අතර ඒ අනුව එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 62ක් වූ ඉහල බියන්වල, කඩවත ප්‍රදේශදේ පදංචිකාරියකි.

මෙම විමර්ශනයට අදාළව මුදල් වංචා සිදු කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අදාළ බැංකුවේ සේවය කළ ප්‍රධාන සැකකාරිය මේ වන විට මිය ගොස් ඇත. මුදල් වංචාව සිදු කිරීම සඳහා ආධාර අනුබල ලබා දුන් අත්අඩංගුවට ගත් සැකකාරිය එම බැංකුවේ ණය අංශයේ සේවය කළ මේ වන විට විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරීවරියක බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *