ඉන්ධන භාවිතය 65% කින් සහ විදුලිය භාවිතය 25% කින් පමණ අඩුවී ඇත – චම්පික රණවක


ඉන්ධන භාවිතය 65% කින් සහ විදුලිය භාවිතය 25% කින් පමණ අඩුවී ඇත - චම්පික රණවක
පසුගිය මාර්තු සිට ජූලි දක්වා ගත වූ මාස 4ක කාලයේදී මෙරට ඉන්ධන භාවිතය සියයට 65 කින් සහ විදුලිය භාවිතය සියයට 25 කින් පමණ අඩුවී ඇති බවත්, මෙය රටේ ආර්ථිකයෙහි සීඝ්‍ර කඩා වැටීම පැහැදිලි වන අවස්ථාවක් බවත් 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පසුගිය මාර්තු සිට ජූලි දක්වා මාස 4 තුළ, දෛනික ඩීසල් පරිභෝජනය ටොන් 6,496 සිට 2,299 දක්වා සහ පෙට්‍රල් පරිභෝජනය ටොන් 3,764 සිට 1,226ක් දක්වා තුනෙන් එකකින් පමණ පහත වැටී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම විදුලිබල මණ්ඩලය බලාගාර දුවවන්න ඩීසල් හා දැවිතෙල් නොමැති බව කීවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම බරපතල ලෙස කඩාවැටී ඇතැයි කී රණවක මහතා දැන් පවතින්නේ 2010 වසරේ පැවති මට්ටමේ විදුලි ඉල්ලුමක් බවත් එය සැප්තැම්බර් මාසය වන විට තවත් අඩුවිය හැකි බවත් ප්‍රකාශ කළේය.
ඉන්ධන භාවිතය හා විදුලි ඉල්ලුම මෙතරම් අඩුවන්නට නම් රටේ ආර්ථිකය කොතරම් කඩා වැටී, ධනෝත්පාදනය සහ රැකියා කොතරම් අහිමිවී, පවුල් කීයක ඉරණම විසඳී ඇත්දැයි සිතා බැලිය යුතු බව රණවක මහතා කීය.