ඉතාලි වීසා ලබා ගැනීමට තැරැව්කරුවන් විසින් ඉතා විශාල ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්

ඉතාලි වීසා ලබා ගැනීමට තැරැව්කරුවන් විසින් ඉතා විශාල ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්

ඉතාලි වීසා ලබා ගැනීමට තැරැව්කරුවන් විසින් ඉතා විශාල ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්

ඉතාලියට යාම සඳහා වීසා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේ කාර්යාලයට පැමිණෙන අයවලුන්ගෙන් තැරැව්කරුවන් විසින් ඉතා විශාල ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරිය හෙළි කරන ලද තොරතුරු මත පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව තානාපති ආරක්‍ෂක කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තානාපති ආරක්‍ෂක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් වැළැක්වීමේ අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා යන මහත්වරුන් ඉකුත් දා ඉතාලි තානාපතිනිය හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමත් සමග මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

එමෙන් ම, ඉතාලි යාම සඳහා වීසා ලබා ගැනීමට පැමිණෙන පිරිස් ඉතා විශාල ලෙස ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම කෙරෙහි ඉතාලි තානාපතිවරිය මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැනුවත් කර ඇති අතර මීට වසර කිහිපයකට පෙර ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සියයට 10ක ප්‍රතිශතයක් තිබුණද වත්මන් තත්ත්වය මත එය සියයට 80කටත් වඩා ඉක්මවා ගොස් ඇතැයි ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉතාලියට යාම සඳහා වීසා ලබා ගැනීමට කොල්ලුපිටියේ පිහිටි වීසා කාර්යාලයට රාත්‍රියේ සිට ම පිරිස් පැමිණෙන බව ත් තැරැව්කරුවන් කණ්ඩායමක් ඒ සඳහා පෝලිම් ගැසී සිටින පුද්ගලයන්ගෙන් රුපියල් විසිතිස් දාහ කප්පම් ලබාගනිමින් පෝලිමේ මුල අලෙවි කරන බව ත් තානාපතිනිය සාකච්ඡාවට පැමිණි පොලිස් අධිකාරිවරුන්ට පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය මත වීසා කාර්යාලය දිගින් දිගටම මෙරට පවත්වාගෙන යාම ගැටලුවක් බවත් ඇය පෙන්වා දී තිබේ.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් බලධාරීන් දැනුවත් කළද පොලිසිය කිසිදු පියවරක් ගෙන නැති බවද ඇය පෙන්වා දී තිබේ.

මේ අතර, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන්ද මෙම ජාවාරමට හවුල් බවට සැකකරන බව ත් කප්පම් ගෙන වීසා පෝලිමේ මුල ලබා දීම සිදුකරන ප්‍රධාන තැරැව්කරු පොලිසිය වෙත කැඳවීමෙන් පසු කිසිදු විමර්ශනයක් සිදු නොකර මුදා හැර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අවධාරණය කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත ඉතාලි තානාපතිනිය ලබාදුන් තොරතුරු ඔවුන් විසින් පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලක)ද දැනුවත් කිරීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් මත වීසා කාර්යාලය අසල සිදුකරන මෙම ජාවාරම සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් ද පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර එම කාර්යාංශය වෙත තානාපති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන්ද යොදවා තිබේ.

මෙහිදී ඉතාලියට යාම සඳහා වීසා ලබා ගැනීමට ඉදිරිපත් කරන ව්‍යාජ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඉතාලි තානාපතිනිය හමුවේ ඇති බව ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පෙන්වා දී තිබේ. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාවාරම් වැළැක්වීමේ අධ්‍යක්‍ෂවරයා වෙත පවසා ඇත්තේ එවන් ව්‍යාජ ලිපි ලේඛන විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසය.

රුපියල් 30,000 සිට ඉහළට නොයෙක් අගයන් පෙන්වමින් මුදල් ලබා ගන්නා සංවිධානාත්මක තැරැව්කරුවන් කොටු කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු ඉතාලි තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීමේ ඒකකයේ ආරක්‍ෂාව තර කර ඇති බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *