අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළට

0
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළට

පරිප්පු, සීනි, අල, ලූණු, මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270ක් ලෙසත්, රුපියල් 215ක්ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150ක් ලෙසත් රුපියල් 600ක්ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත් රුපියල් 180ක්ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 ලෙසත් රුපියල් 1900ක්ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

ඩොලරයක මිල ස්ථාවරවීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com