ගාලු මුවදොර විරෝධතා භුමියේ රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ගාලු මුවදොර විරෝධතා භුමියේ රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ගාලු මුවදොර විරෝධතා භුමියේ රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ගාලු මුවදොර විරෝධතා භුමියේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදි කිරීම් හා භෝග වගා කිරීම් වහාම ඉවත් කරගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.

මෙම ඉවත් කර ගැනීම් සිදු කිරීමට ලබන 5වනදා සවස 5ට පෙර අනිවාර්යයෙන් පියවර ගත යුතු බවටයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවටද පොලිසිය අවධාරණය කරනවා.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර ගන්නා බවද කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා දන්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *