හිටපු ජනපති මැනිලා නුවරදී ජාත්‍යන්තර සහය ඉල්ලයි

හිටපු ජනපති මැනිලා නුවරදී ජාත්‍යන්තර සහය ඉල්ලයි

හිටපු ජනපති මැනිලා නුවරදී ජාත්‍යන්තර සහය ඉල්ලයි

ශ්‍රී ලංකාව ඉතා අසීරු මොහොතක සිටින නිසා සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින්.
සමුළුව පැවැත්වෙන්නේ පිලිපීනයේ මැනිලා නුවරයි.

ලෝක ආහාර වැඩසටහනේ දත්තවලට අනුව මෙරට පුද්ගලයන් මිලියන 06.3ක් ආහාර හිඟයකට මුහුණ දී ඇති බවයි එහිදී විදෙස් නායකයන් සහ පැමිණ සිටි පිරිස ඇමතු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ. එම නිසා සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේ.

මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මුණගැසී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය උදෙසා ලබාගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගත වීමට පෙර ප්‍රකාශ කර තිබුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *