විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලයට (01) දින ඉදිරිපත් කර තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සංශෝධනයට එක්කල විශේෂ විධාන ඉවත් කිරීමෙන් පසුව බවයි වාර්ථා වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර තිබුණා.

එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කරන බව හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද (01) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *