රටේ නීතියක් හා නීතියට ඉඩක් නෑ; රටේ තිබෙන්නේ අවනීතිය, බලවත් අයගේ නීතිය – කොළඹ අගරදගුරුතුමන්

නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? - කාදිනල් හිමි

නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? - කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

වර්තමානයේ දී රටේ නීතියක් හා නීතියට ඉඩක් නැති බවත්, රටේ තිබෙන්නේ අවනීතිය බවත් කී අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් රටක් ලෙස ලෝකය ඉදිරියේ ලැජ්ජා විය යුතු බවද සඳහන් කළහ.

රටේ තිබෙන්නේ බලවත් අයගේ නීතිය බව කී කාදිනල්තුමෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කර, වැරදිකරුවන් ලෙස හඳුන්වා ඇති අයට නඩුපවරන ලෙස කොතෙක් ඉල්ලීම් කළත් රටේ නීතිය ඒ කිසිවක් නොකළ බවද කීහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මෝදර ශුද්ධ වු මහා සන්තියාගෝ මුනිදුන්ගේ දේවස්ථානයේ 150 වන ජුබිලිය වෙනුවෙන් (31) පැවති මංගල මහා දිවය පුජා යාගය සඳහා එක්වෙමිනි.

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙහි ඉකුත් ජනවාරි 11වැනිදා තිබූ බෝම්බයක් සම්බන්ධයෙන් එහි සන්ක්‍රිස්තියන්වරයා සහ තවත් දෙතුන් දෙනෙක් මාසයකට වැඩි කාලයක් හිර කර තබාගත්තත් බෝම්බය ගෙනාවේ ඔවුන් නොව ආරක්ෂක අංශවල අය බව කී කොළඹ අගරදගුරුතුමෝ අද වනතුරු ඒ ගැන කිසිදු පරීක්ෂණයක්වත් සිදුකර නැතැයිද ප්‍රකාශ කළහ.

බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිස්සුන් නිසා රට අගාධයට පත්ව විනාශයට ගොදුරුවී ඇති බවත්, ජනතාව දුක් විදින්නේ සමහර වෙලාවට අපේම මෝඩකම් නිසා කියා සිතාගන්න වී ඇති බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.

රටට ධර්මද්වීපය කියා කීවත්, ධර්මදීපයේ වෙන දේවල් පේනවානේ යනුවෙන් කී කාදිනල්තුමෝ 2019 වසරේ පාස්කු ඉරුදින 269 දෙනෙකුගේ ජීවිත නැති කර දැමීම සම්බන්ධයෙන් අදවනතුරු ඉටු නොවූ බවත්, බලවන්තයන්ගේ බලවත්කම එය බවත් පැවසූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *