ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්; ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතුයි – වෛද්‍ය අන්වර් හම්දානි

ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්; ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතුයි - වෛද්‍ය අන්වර් හම්දානි

ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්; ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතුයි - වෛද්‍ය අන්වර් හම්දානි

රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව(බූස්ටර්) එම එන්නත ලබාගත හැකි ජනතාවගෙන් සියයට පනහක පමණ පිරිසක් මෙතෙක් ලබා ගෙන නැතැයි සඳහන් කළ හම්දානි මහතා වයස 60ට වැඩි ලක්ෂ 10ක පමණ පිරිසක්ද එම මාත්‍රාව ලබා ගෙන නැති බවද සඳහන් කළේය.

ඇතැම් පිරිස් පළමු මාත්‍රාව පවා ලබාගෙන නැති බව වෛද්‍යවරයා පැවසූවේය.

විශේෂයෙන්ම පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳ සිටීම ඉතා වැදගත් බවත් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් සෞඛ්‍ය නීතිවලට අනුකූලව නිවෙස්වලටමවී කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් පැවසීය.

දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව උණ පවතින්නේ නම් පාසල් යැවීමෙන් වළකින ලෙසද ඔහු මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *