අනුර රනිල්ට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛතම වගකීම පහදයි

ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි - අනුර කුමාර දිසානායක

ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි - අනුර කුමාර දිසානායක

“රනිල්ගේ ජනාධිපති ඔටුන්න තාවකාලිකයි, අගෝස්තු 3 ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටටම කියන්න ඔටුන්න ගලවන්නේ කවද ද? කියලා” යැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

“අටවා ගන්නා මෙම ආණ්ඩුවේ කාලසීමාව කවදා දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අනුව 3වනදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී පැවසීම ප්‍රමුඛතම වගකීමක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙම පාලනය අන්තර් කාලයකට සීමා විය යුතු වුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් උත්සාහ දරමින් සිටින්නේ අන්තර්කාලීන සීමාව නොතකා තමන්ට හදිසියේ හිසට කඩාපාත් වූ ඔටුන්න දිගට ම හිසේ රඳවාගෙන යාමට බවට දිසානායක මහතා චෝදනා කළේය.

ඒ මහතා මෙසේද කීය.“පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ජනවරම ලැබුණේ ගෝඨාභය රාජපක්ෂට. නමුත් ඒ ජනවරම අහෝසි වුණා. ගෝඨාභය නිසා රනිල් වික්‍රමසිංහට ජනවරමක් නෑ. පාර්ලිමේන්තුවේදී ජනතාවගේ ඇත්ත මතය පිළිබිඹු වෙන්නේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අටවාගත් පාර්ලිමේන්තුවක් හරහා දිගු කලක් රට පාලනය කිරීමට ජනවරමක් නොමැති අතර එසේ යාම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. එහෙයින් ජනාධිපතිවරයා විසින් කළ යුතු වන්නේ, මේ අටවා ගන්නා ලද ආණ්ඩුවේ කාලය ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීමයි.

පහුගිය කාලයේ විවිධ ප්‍රජා සංවිධාන, මහජන ව්‍යාපාර පෙන්වා දෙනු ලැබුවේ ගොඩනගන ලද පාලනය අන්තර් කාලයකට සීමා විය යුතු බවය. එය රනිල් වික්‍රමසිංහට අමතක වූවා සේ හිඳින්නට බැහැ. පාර්ලිමේන්තුව අමතා කරන ප්‍රකාශයේදී එනම් අගෝස්තු 3 වනදා වහාම මෙම අටවාගත් ආණ්ඩුවේ අදාළ කාලසීමාව ප්‍රකාශයට පත් කළ යුතුයි. එයින් තොර කිසිවක් කර ඵලක් නැහැ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *