රාජපක්ෂලාව එළවීමට රැවුල් වවාගත් කුඩුකාරයන්ට නොහැකී; පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට සූදානම් – සනත් නිශාන්ත

සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් - නීතිපති අභියාචනාධිකරණට දන්වයි
රාජපක්ෂවරුන්ට නැවත බලය ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පැවසීය.
ඔහු සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට සූදානම් බවය. රාජපක්ෂලාව එළවීමට රැවුල් වවාගත් කුඩුකාරයන්ට නොහැකි බවද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීය.
අරගලය යැයි කියමින් කුඩුකාරයන්ට සහ අයිස්කාරයන්ට ආණ්ඩු පෙරළන්නට ඉඩ ලබා නොදිය යුතු බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය ඉදිරියේදී අරගලකරුවන්ටද පෙන්වීමට කටයුතු කරන බවද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ජූලි (26) එක්වෙමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.