ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් නෑ – ලෝක බැංකුව

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර මාස 18ක් දක්වා දීර්ඝ කරයි

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර මාස 18ක් දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව(28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලාංකික ජනතාවට එල්ල වන බලපෑම පිළිබඳ දැඩි කණස්සල්ලට පත්ව ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

දුප්පත් සහ අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මඟ හරවා ගැනීමට ඖෂධ, ගෑස්, පොහොර, පාසල් ළමුන්ට ආහාර සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වලට මුදල් ආධාර ලබා දීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දැනටමත් අනුමත කර ඇති මූල්‍ය ව්‍යාපෘති වල සම්පත් නැවත සකස් කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

(28) වන විට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160ක මුදලක් හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් නැවත සකස් කර නිදහස් කර ඇතැයි ලෝක බැංකුව පෙන්වා දුන්නේය. දුප්පත් සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය සහාය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා ආයතන, සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති නිරීක්ෂණය කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *