අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිල්ලක්

අරගලය පිළිබදව "වෙරිටේ රිසර්ච්" ආයතනයේ අලුත්ම සමීක්ෂණ අනාවරණය

අරගලය පිළිබදව "වෙරිටේ රිසර්ච්" ආයතනයේ අලුත්ම සමීක්ෂණ අනාවරණය

ආරක්ෂක අංශ ගාලු මුව‍ෙදාර අරගලකරුවන්ට පසුගිය 22දා අලුයම එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ.

අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ.

මෙම ප්‍රහාරයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් ඉතා ඉහළින් කඩ වී ඇතැයි පෙන්වා දෙන පැමිණිලි පාර්ශ්වය ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන මෙන් ඉල්ලා ඇත.

හමුදා ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසී ලී දඬු හා යකඩ පොලු රැගෙන ප්‍රහාරයට පැමිණි පිරිස් අරගල භූමියේ තිබූ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම විනාශ කොට එහි තිබූ ලැප්ටොප් පරිගණක ඇතුළු සියලු උපකරණවලට හානි කර ඇතැයිද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවාය.

අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා අපහසුතා මධ්‍යයේ රැස්කර තිබූ ජල ටැංකි, ජල පෙරන උපකරණ, ඇඳුම්, පොත්පත්, ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය බොහෝදෑ විනාශ කර තිබෙන බව ද පෙරේරා මහත්මිය සඳහන් කළාය.

ආරක්ෂක අංශ අරගල භූමියේ රැඳී සිටි අඳ ගොළු බිහිරි තරුණ තරුණියන්ට හා ආබාධිත රණවිරුවන්ට පහර දීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ විශේෂ අවධානයට ලක් කළ බවද ඇය ප්‍රකාශ කළාය.

ගාලු මුව‍ෙදාර අරගල භූමියේ සිටින තරුණ තරුණියන් සිදුකරන කාර්යභාරය දෙස විමසිලිමත්ව බලා සිට ඔවුන්ට හරි වැරැද්ද පෙන්වා දීම සඳහාත්, ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහාත් අරගලයේ අම්මාවරුන් එක්ව සිටින බවද ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවාය.

මවුවරුන් නිහඬ වුවහොත් මූලික අයිතිවාසිකම් තව තවත් උල්ලංඝණය කිරීමට පාලකයන්ට හැකිවන බවත්, මෙම ප්‍රහාරයට විරුද්ධව ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *