විදේශ ශ්‍රමික ප්‍රේෂණ 51.6% කින් පහත වැටෙයි
![වසරේ මුල් මාස 8ක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රු. කෝටි 123,600ක්](https://srihanda.lk/wp-content/uploads/2022/07/විදේශ-ශ්‍රමික-ප්‍රේෂණ.jpg)
වසරේ මුල් මාස 8ක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රු. කෝටි 123,600ක්
විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඉකුත් වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3324.4ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබී තිබුණු අතර මෙම වසරේ පළමු මාස 6 තුළ එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1609.9 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.