ඉදිරි මාස 12තුළ ඉන්ධන ආනයනය සීමා; අගෝස්තු 01 සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනියම අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12තුළද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවත් තොග අසීමිතව තිබුණද සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් අමාත්‍යවරයා කියයි.

ලබන මස පලමුවනදා සිට කිව් ආර් කේතය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මහතා සදහන් කරන්නේ වාහනයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම වලංගු වන්නේ ලබන මස පළමුවනදා දක්වා පමණක් බවයි.

ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන් මෙන්ම ස්වේච්ඡා සේවකයන්ද ඉදිරි දිනය දහය තුළ දීත් මෙම වැඩසටහන සදහා සහාය ලබා දෙන බව අමාත්‍යවරයා පවසනවා. තාක්ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් පහසුකම් නොමැති හෝ තාක්ෂණික දුෂ්කරතා ඇති ඉන්ධන පිරවුම්හල්වලදී පමණක් ඉලක්කම් ක්‍රමය අනුව ඉන්ධන ලබාදීම සිදුකෙරෙනවා. එහෙත් මේ වන විට කිව් ආර් කේත පරීක්ෂාව සදහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික දැනුම පිරවුම්හල් සියයට හැටකටම පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *