ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ


අමාත්‍යංශ 04ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරී පත් විය.
ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ජූලි (20) පැවති ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 134ක් ලබා මෙලෙස මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ඒ අනුව, ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ජනාධිපති ධූර කාලයේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්දයකින් තෝරා ගැනුණු පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙසද ඔහු ඉතිහාසගත වනු ඇත.
ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමට ඡන්ද 82ක් ලැබුණු අතර අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 3ක් පමණි.