ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා – අනුර දිසානායක

ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා - අනුර දිසානායක

ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා - අනුර දිසානායක

මේ පාර්ලිමේන්තුවේ අපිට යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ කඳවුරත් එක්ක මතවාදී ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එළියේ ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා කීය තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා:
අපේක්ෂකයන්ගේ සජබ නායකතුමා විසින් පොහොට්ටුවේ භාණ්ඩාගාරික යෝජනා කරනවා. ඒකට සාමාන්‍යයෙන් කියනවා පොහොට්ටුවේ සභාපතිතුමාගේ පිළ කියලා. මොකද ජී. එල් පීරිස් මහතා ස්ථිර කිරීම හරහා එය අපි දුටුවා. ඒවගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාසල් මිතුරා දිනේෂ් ගුණවර්ධන පැරණි වාමාංශික ඉතිහාස පවුලකින් පැවත එන එතුමගෙ යෝජනාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා යෝජනා වෙනවා.

ඒක නිකන් පොහොට්ටුවේ ලේකම්තුමාගේ පිල වගේ.හැබැයි ලේකම්තුමාට යම් අවතාරයක් වැසී තිබෙන බවත් අපි දන්නවා. ඒක තමයි දේශපාලනය.

ඒ නිසා ඒ කදවුරු දෙක අතර ඡන්දයක් පැවතුනත් අපට අනන්‍ය අපේ දේශපාලනය, අපේ ප්‍රතිපත්තියෙන් කේන්ද්‍රගත කරගෙන මා තරග කළා. මේක කිසිසේත්ම වික්ෂිප්ත භාවයට පත්වෙන කිසිසේත්ම අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ.මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරමින් තිබෙන සංයුතියේ ස්වභාවය. හැබැයි ඒ වගේම මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව තුළ මේ ඉලක්කම් ඇතුලේ මේ සංඛ්‍යා දත්ත ඇතුලේ පෙන්නුම් කරන සංයුතිය නෙමේ අද මහපොළොවේ සැබෑ සංයුතිය කියලා. ඒ නිසා අද කිසිසේත්ම කවුරුත් විශ්වාස කරනවා නම් ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුළ දිස් වුණා කියලා එක්ක මුළුමනින්ම මිත්‍යාවක්.මෙයින් පෙන්නුම් කොට තිබෙන්නේ ජනතාවගේ කැමැත්තෙන් විකෘති වූ පිළිබිඹුවක්. එක මතක තබාගන්න. ජනතාව මේ සභාගර්භයේ ඔබලා අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වී තිබෙනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි මීට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවේන් නම් අපේක්ෂා කරන්නේ නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *