ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුවන්නේ නෑ – ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය

ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුවන්නේ නෑ - ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය

ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුවන්නේ නෑ - ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රක්‍ෂණ ක්ෂේත්‍රයේ කිසිඳු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා රක්‍ෂණ ක්ෂේත්‍රයේ සියලුම ආයතන නියෝජනය කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය (අයි.ඒ.එස්.එල්.) ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වන බවට පැතිර යන තොරතුරුවල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කරන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ අළෙවි හා විකුණු සංසදයේ සභාපති නාමලී ඒ සිල්වා නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *