ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ජංගම ඉන්ධන පිරවුම්හල්

ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ජංගම ඉන්ධන පිරවුම්හල්

ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ජංගම ඉන්ධන පිරවුම්හල්

නියමු ව්‍යාපෘතියක් ලෙස ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ජංගම ඉන්ධන බෙදා හරින්නන් මගින් ඉන්ධන සැපයීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදා හරින යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව විශාල විවෘත අවකාශයන්හි ඉන්ධන ට්‍රක් රථ මගින් ඉන්ධන ලබාදීම සිදු කෙරෙනු ඇති බව කංචන විජේසේකර මහතාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *