හමුදාවෙන් පැහැර ගත් අවි ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට බලය

හමුදාවෙන් පැහැර ගත් අවි ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට බලය

හමුදාවෙන් පැහැර ගත් අවි ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට බලය

අරගලයට සහභාගී වූ ජනතාව  අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.

රටෙි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස් පතිට අවශ්‍ය බලතල ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙි.
රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට තිබෙන අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී තීරණයකට එළඹ ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින් මන්ත්‍රීවරයකු හෝ හැසිරෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමටද මෙහිදී තීරණය වී ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *