රාජ්‍ය පෙරැළිම සදහා ඇමෙරිකාව කුමන්ත්‍රණවලට දායකත්වය ලබා දුන්නා – ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක

රාජ්‍ය පෙරැළිම සදහා ඇමෙරිකාව කළ කුමන්ත්‍රණවලට දායකත්වය ලබා දුන්නා - හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක

රාජ්‍ය පෙරැළිම සදහා ඇමෙරිකාව කළ කුමන්ත්‍රණවලට දායකත්වය ලබා දුන්නා - හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක

විවිධ රටවල රාජ්‍ය පෙරැළිම සදහා ඇමෙරිකාව කළ කුමන්ත්‍රණවලට තමන්ද තම දායකත්වය ලබා දුන් බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් පවසා තිබේ.

ජෝන් බෝල්ටන් මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ජෝන් බෝල්ටන් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළේ 2018 සිට 2019 තෙක් කාලයේය. තමන් කුමන්ත්‍රණ කිරීමට සහාය දක්වා පෙරළා දැමුවේ කුමන රාජ්‍ය පාලනයන්දැයි ජෝන් බෝල්ටන් සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කළේ නැත.

2021 ජනවාරි 6වැනිදා ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන්යේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී පහරදීම සම්බන්ධයෙන්ද සී.එන්.එන්. මාධ්‍යවේදී ජේක් ටැපර් ජෝන් බෝල්ටන්ගෙන් විමසීමක් කළේය. කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී පහරදීම සදහා ට්‍රම්ප් සියට ආධාරකරුවන් උසි ගැන්වූයේ, ඔහුගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් යැයි බෝල්ටන් පැහැදිලි කළේය.

එය, ජනාධිපතිවරණය පරාජය වුවත් දිගටම බලයේ සිටීමට ට්‍රම්ප් ගත් අසාර්ථක උත්සාහයක් යැයිද බෝල්ටන් වැඩි දුරටත් පැවැසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *