වසර බිලියන 13ක් ඈත අතීතයේ විශ්වයේ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට

වසර බිලියන 13ක් ඈත අතීතයේ විශ්වයේ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට

වසර බිලියන 13ක් ඈත අතීතයේ විශ්වයේ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට

වසර බිලියන 13ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට නැගීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය.

වසර බිලියන 13ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය දැක්වෙන වර්ණවත් ඡායාරූප ලබා ගැනීමට හැකි වුණු පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි. මීට පෙර මිනිසාට කාලය හරහා ආපස්සට විශ්වය නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබී නොතිබුණි.

විශ්වය පිළිබඳ අපගේ දැනුම තවත් පුළුල් කිරීමටත් විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමටත් මෙම ඡායාරූප තාරකා විද්‍යාඥයන්ට උපකාරී වනු ඇතැයි මාධ්‍ය හමුවේදී ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දුන්නේය.

නාසා ආයතනය වසර බිලියන 13ක් පැරැණි විශ්වසේ දසුන් ඡායාරූපයට නැගුවේ, ‘ජේම්ස් වෙබ්’ නමැති අති නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති අභ්‍යවශ දුරේක්ෂය ආධාරයෙනි. ‘ජේම්ස් වෙබ්’ යනු අතීතයට නෙත් හෙළන දුරේක්ෂයක් යැයි නාසා ආයතනය හඳුන්වා දී තිබේ. මෙම දුරේක්ෂය නිපදවීමට වසර 24ක් ගත විය. දුරේක්ෂය අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවීම කළේ 2021 වසරේදීය.

පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රඳවා ඇති දුරේක්ෂය, තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරයි. දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7ක් ආපස්සට නිරීක්ෂණය කරයි.

එසේ කළ හැකි වන්නේ මෙය රඳවා තැබෙන්නේත්, කක්ෂගත වෙන්නේත්, පෘථිවියේ සිට බොහෝ දුරකින් වීම නිසාය. වසර බිලියන 13ක් ඈත අතීතයේ විශ්වයේ මණ්දාකිණි පිහිටි ආකාරය සහ මණ්දාකිණි නිර්මාණය වූ අයුරු ඡායාරූපයට නැගීම සිදුවූයේ ඒ අනුවය. නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂක නිපදවීමට ‘යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය’ සහ ‘කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය’ද සිය දායකත්වය ලබාදී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *