නායකත්වය ගන්න සජිත්, අනුර සූදානම්

නායකත්වය ගන්න සජිත්, අනුර සූදානම්

නායකත්වය ගන්න සජිත්, අනුර සූදානම්

රට රැක ගැනීම සහ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මාතෘ භූමියට නායකත්වය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ජනවරම අවසන් බවත් ඔවුන් රට විනශ කර අවසන් බවත්ය. රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළට නායකත්වය ලබාදීම හැර වෙන විසඳුමක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (10) පැවසීය.
“අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.” යැයිද අනුර කුමාර මහාතා සඳහන් කළේය.

නමුත් පාර්ලිමේන්තුවේ තම නියෝජිතයන් තිදෙනෙකු පමණක් බැවින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පනත් පාර්ලිමේන්තුවේ තිබෙනවා නම් ඕනෙ වෙලාවක වෙන කෙනෙකුට නැටවිය හැකි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු බවට පත්වීමේ ඉඩක් තිබෙන බව කී ජවිපෙ නායකයා එසේ වුවත් ඒ තුළ පවා තමන්ට උවමනා කණ්ඩායමක් පත්කරගන්න දෙනවා නම් ඊට සූදානම් බව කීවේය. මීට පෙරත් කළ එම ප්‍රකාශය වෙනස් කර නොගන්නා බවද හෙතෙම කීය.
දැන් ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බැවින් ජනතා කැමැත්ත පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගත යුතු බව දිසානායක මහතා එතෙක් නිශ්චිත කාලරාමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරෙන වගකීම් භාරගන්නට සූදානම් බවද කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *