ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් – ඇමෙරිකානු තානාපති

ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් - ඇමෙරිකානු තානාපති

ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් - ඇමෙරිකානු තානාපති

ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් බව අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුවක් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පසුගියදා පැවති හමුවේදී ඉතා ඵලදායී අවංක සාකච්ඡාවක් සිදු කළ බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

එහිදී ඇමෙරිකාවේ ආයෝජන සම්බන්ධයෙන් සහ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ගැටළුවක් ඇත්නම් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතාට පැවසූ බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.එවිට සමාජ මාධ්‍ය සහ කටකතා මාර්ගයෙන් සැරිසරන අසත්‍ය තොරතුරු වලින් ඈත් වීමට අවස්ථාව ලැබෙන බව ජුලී මහත්මිය ප්‍රකාශ කළාය.

අතීතයේ සිට ජනතා විමුක්ති පෙරමුණ සමඟ මතභේදාත්මක තත්ත්වයන් හට ගත්තද ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙක් ලෙස නොව පුද්ගලයෙක් වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හමුවීම යුතුකමක් ලෙස හැඟුණු බව තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

එම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශපාලන පක්ෂයක් ලෙස හැඟුණු බවත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ මතවාද සමාජ ගත කරන බවත් ප්‍රකාශ කළ ඇය මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මතය නොවන බවත් තමන්ගේ පුද්ගලික මතය බවත් පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *