ලාංකීය අගමැතිවරුන්ගේ අඩිපාරේ ගිය බ්‍රිතාන්‍ය අගමැතිවත් ගෙදර යවයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් දිගින් දිගටම අගමැති තනතුරේ රැඳී සිටීමට උත්සාහ කළේය. ඒ, සිය පක්ෂයේ බහුතර සහයෝගය පවා අහිමි වී ගොස් තිබියදීයි. ඔහු පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ කිසිවෙකුගේ බලපෑමකට යටත්ව ඉල්ලා අස්වීමට කිසිසේත්ම කටයුතු නොකරන බවයි.

කෙසේ නමුත් ඔහුට අන්තිමේදී ඉල්ලා අස්වීමට සිදුවිය. අගමැති ධුරයෙන් පමණක් නොව කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන්ද ඔහු ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

බොරිස් ජොන්සන් සමග කටයුතු කළ නොහැකි බව පවසමින් එරට මුදල් ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුද පසුගියදා ඉල්ලා අස් වූ අතර අගමැතිවරයාට ගෙදර යන්නැයි තවත් ඇමතිවරුන් රැසක්ම බලපෑම් සිදුකර තිබිණි. අවසානයේදී නීතිපතිවරයාද ඔහුට විරුද්ධවීමෙන් පසුව තවදුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි බව ජොන්සන් තේරුම් ගෙන තිබේ.

මැයි මස 30 වැනිදා බොරිස් ජොන්සන් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකතන මාර්ගයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා පොරොන්දු වූ බවට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *