ගුවන් පුහුණු ස්ථානයක් බවට පත් කිරීමට යන මඩකලපුව ගුවන් තොටුපළ

මඩකලපුව ගුවන් තොටුපළ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව දැනගන්නට ලැබී ඇත. කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි වී ඇති බවට පුවත් පළ වී තිබේ.

මෙම අදහස සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම, දැනටමත් 2018 දී මඩකලපුව ගුවන්තොටුපළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ගුවන් සේවාව අභ්‍යන්තර ගුවන් සඳහා සකස් කර තිබිණි.

එහෙත් එම ගුවන් තොටුපළෙන් මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නොමැති බව පෙන්වා දී ඇත.

ඉන් අනතුරුව එම ගුවන් තොටුපළ ආදායම් උත්පාදන කරන ආයතනයක් බවට පත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවට සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *