ගොවීන් විසින් ලබා ගත් ගෙවීමට අතපසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීම සඳහා කැබිනට් අනුමැතිය

මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

වී ගොවීන් විසින් ලබා ගන්නා ලද නැවත නොගෙ වූ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකුවලින් ණය ලබා ගෙන, එම ණය මුදල්වලින් මේ වනවිටත් ගෙවීමට අතපසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීම සඳහා එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය, පාස්කු ප්‍රහාරය සහ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සඳහා ගොවීන් යොමු කිරීමත් සමග ගොවීන් සෘජු හා වක්‍ර මාර්ගිකව මුහුණ පෑ දුෂකරතා හේතුවෙන් අදාළ ණය ගෙවීම් පැහැර හැර ඇත.

ඒ අනුව, ගොවීන් විසින් ලබා ගන්නා ලද ණය මුදල්, අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කිරීමට බැංකු කටයුතු කර තිබේ.

ඒ හේතුවෙන්, ඉදිරි මහ කන්නයේදී වී වගාව සඳහා ණය ලබා ගැනීමේදී ගොවීන් පත්වන අසීරුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *