(Video) බඩු මිල ඉහලයාම හා විදුලි කප්පාදුවට එරෙහිව ලිබියානු ජනතාව පාර්ලිමේන්තුව ගිනි තබයි

ලිබියා වේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇත.

ඒ අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාමට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදී ය.

ලිබියානු ජනතාව එරට ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා ප්‍රහාර එල්ල කර තිබුණි.පසුව ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා එහි කොටසකට ගිනි තබා ඇත.

මේ වනවිට එම විරෝධතා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද පැවැත්වෙයි.

ඔවුන් බලකර සිටින්නේ වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවටය. ලිබියානු අන්තර්වාර රජයේ ප්‍රධානියා මෙම විරෝධතාවන්ට සහාය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *