ඉන්ධන හා ගෑස් අර්බුදයට දින 10තුළදී යම් විසඳුමක් – ජනපති පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කියයි

ඉන්ධන හා ගෑස් අර්බුදයට දින 10තුළදී යම් විසඳුමක් - ජනපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දස දෙනාට කියයි

ඉන්ධන හා ගෑස් අර්බුදයට දින 10තුළදී යම් විසඳුමක් - ජනපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දස දෙනාට කියයි

ඉන්ධන හා ගෑස් අර්බුදයට ඉදිරි දින 10තුළදී යම් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

එම වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරියේදී ජනතාවට ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දස දෙනා සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණු ප්‍රකාශ කළ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා කීය.

රටේ වර්තමාන තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා එම ප්‍රශ්න විසඳීම පිළිබඳ ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට පොරොන්දු වූ බවද එල්ලාවල මන්ත්‍රීවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *